වයස අවුරුදු දෙක හමාරක් වන තම දියණියද සමඟ යතුරු පැදියකින් කේරළ ගංජා අලෙවි කිරීමේ යෙදී සිටි අඹු සැමි යුවළක් කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් අද 01 වනදා අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට ප්රුදේශයේදී මෙම සැකකවරුන් ගමන් ගත් යතුරු පැදිය පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනු ලැබ තිබේ. පොලිසිය යතුරු පැදිය පරීක්ෂා කරන අතරතුර බිරිඳ ගංජාවලින් කොටසක් ගිල දමා ඇති බවද පොලිසිය පවසයි. කෙසේ නමුත් කේරළ ගංජා මිලි ග්රෑඇම් 10,000 කට ආසන්න ප්ර මාණයක් සමඟ මෙම අඹුසැමි යුවළ පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ගංජා අලෙවිය සඳහා යොදා ගත් යතුරුපැදියද පොලිසිය සිය භාරයට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 -30 ත් අතර පසුවන්නන් වන අතර අවුරුදු දෙක හමාරක දියණියද ඔවුන් සමඟ සිට තිබේ.
අත් අඩංගුවට පත් සැකකරුවන් මහනුවර මහේස්ත්රාණත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්රණධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්.උවින්දසිරි මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතා සමඟ උප පොලිස් පරීක්ෂක විජේසිංහ සැරයන් රත්නායක යන මහත්වරුන් ඇතුළු නිළධාරින් වැඩි දුර පරීක්ෂණ පවත්වති
මහනුවර මොහොමඩ් ආසික්