ගංජා පිළිබඳව සඳහන් වන පොතක් පාර්ලිමෙන්තුවේ නිලධාරීන් වෙත බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවට අමුත්තන් කැඳවීමට අවස්ථාවක් නොමැති අවස්ථාවක ඊයේ දිනයේදි මෙම පොත බෙදා දී ඇති බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම පොත පාර්ලිමෙන්තු මන්ත්රීවරුන්ට බෙදා දී නොමැති බව ඔහු සඳහන් කළේය.
“ මේ පොත් කවුද ගෙනාවේ. පාර්ලිමේන්තුවේ විවිධ නිලධාරීන් අතරේ මේ පොත ගිහින් තිබෙනවා. කමක් නෑ පොත් බෙදුවට. මේකේ තිබෙන්නේ ආනන්දය ලබන්න. මොකක්ද ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ ගංජා ගහන්න කියලනේ”
කථානායක - "ඔබතුමා මේක ඉදිරිපත් කළානේ. අපි මේක ගැන පරීක්ෂණයක් කරන්නම්"