ගංවතුර ආපදාවට රු 150ක චෙක්පතක්
ගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
මාතර, මාලිම්බඩ කොට්ඨාසයේ 2017 වර්ෂයේ ගංවතුරින් පීඩාවට පත්වූ පිරිස් වෙත වන්දි මුදල් ලබා දීම වෙනුවෙන් මාතර, මාලිම්බඩ ප්‍රදේශයේදී ඊයේ (26දා) පැවැති උත්සවය අමතමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
“මම රජය නියෝජනය කරන නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට අවංකවම කනගාටු වෙනවා ගංවතුර ආධාර ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව. මොකද ගංවතුර විපත ඇති වෙලා වසරක් ගත වුණාට පස්සෙ තමයි දෙවැනි මුදල ලබා දෙන්නෙ. අපට ආරංචි වුණා සමහර තැන්වල චෙක් ගන්න ත්‍රීවිල්වලින් ඇවිත් තිබුණා.
නමුත් චෙක්වල තිබිලා තියෙන්නේ රුපියල් 150යි. එතකොට ත්‍රීවිල් එකට ඊට වඩා ගෙවන්න වෙලා තියෙනවා. අපේ නිලධාරීන් කැපවෙලා විස්තර අරන් කොළඹට යැවුවාම රක්ෂණ භාර අරමුදලින් දහයෙන් එකක් වත් දීලා නැහැ. ඒ නිසා තමයි රුපියල් 10,150ක් නිර්දේශ වෙලා තිබුණට රුපියල් 150ක් ලැබුණේ. අපි ඇහුවා තක්සේරු කළ මුදල නොදී සොච්චම් මුදලක් දෙන්නෙ ඇයි කියලා. එහෙනම් මේ රටේ නිවාස රක්ෂණ කිරීමේ ප්‍රතිඵලයක් තියෙනවද? එතකොට මෙම රක්ෂණය කිරීම හරහා රජය බලාපොරොත්තු වූ ප්රතිලාභ ජනතාවට ලැබෙනවද?
අගමැතිතුමා මොරවකදී කිව්වේ ගංවතුර ඇතිවෙලා මාස 03ක් යනකොට මේ චෙක් ටික ආවා නම් ගමේ විවිධ වෘත්තිකයන්ට, ගමේ ආර්ථිකයට මෙම මුදල් එකතු වෙනවා. දැන් ඒ මුදල් නොදී අවුරුද්දක් ගිහින්. මෙහෙම වුණේ සමහරුන්ගේ දුෂ්ට, පාපිෂ්ඨ වැඩ නිසයි. ඒ තිත්ත ඇත්ත අමතක කරන්න බැහැ.” යැයි පවසා සිටියේය.
මාතර මහේෂ් මලවරආච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
