ඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව සහ 2016 සකස් කළ ප්‍රවාහන ගාස්තු සංශෝධනයට අනුව 12.5%ක ගාස්තුවක් ජුනි 08 වැනිදා වන විට ලබාදෙන බවට පොරොන්දු වූ බවද එම සංගමයේ සමලේකම් ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.
එම පොරොන්දුව තවමත් ඉටුකර නොමැති බැවින් ලබන 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක කාලයක් ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් ඉවත් වන බවද හෙතෙම පවසා සිටියේය.