කෝවිඩ් - 19 තත්ත්වය තවමත් රට තුළින් තුරන් වී නොමැති නිසා කෝවිඩ් - 19 සෞඛ්‍ය උපදෙස් නීතියක් බවට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අදාළ නීති සකස් කර ඒවා ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට ග්‍රාම නිලධාරීවරයා ප්රමුඛ ග්‍රාමීය වශයෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් එකතු කරන කමිටුවක් සකස් කළ යුතු බවද එහි සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමට හා උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අමතරව මැතිවරණයට දින නියම වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මීට අමතරව ඉදිරියේදී ගුවන්තොටුපළ පවා විවෘත වීමට නියමිතව තිබෙන බවත්, මේ නිසා කෝවිඩ් - 19 ට අදාළ සෞඛ්‍ය උපදෙස් ජනතාව අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු බවත් ඔහු කියා සිටියේය.