කෝප් සහ කෝපා කමිටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
රටේ පවතින වත්මන් කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන මහජන ඒකරාශී වීම් නැවැත්වීමට රජය විසින් තීරණය කරනු ලැබීමත් සමග කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරුන් විසින් මෙම තීරණය ගෙන තිබේ.
නව වැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව මාධ්‍ය සඳහා විවෘත කිරීමට තීරණය කළ අතර, ඒවායේ ආරම්භක රැස්වීම් පසුගිය 06 වැනිදා පැවැත්විණි.
එහිදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සිදුකොට ඇති අක්‍රමිකතා පිළිබඳ සාකච්ඡා කළේය.
රජයේ ගිණුම් කාරක සභාවේ පසුගිය 07 වැනිදා පැවැති රැස්වීමේදී තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලැබූ තිරසර සංවර්ධන සභාව ක්‍රියාත්මක වීමේදී සිදු වී තිබෙන අක්‍රමිකතා පිළිබඳ අවධාරණය කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

