කෝටි දෙකකට අාසන්න රත්රන් ගුවන්තොටින් අල්ලයි
නීතිවිරෝධීව රු. එක්කෝටි අනුලක්ෂ අසූ දෙදෙහස් තිහකට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඩුබායි සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 232 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත් බවත් කිසිවක් ප්රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී , ඔහුගේ ගමන් මල්ලේ තිබූ හයිඩ්රොලික් ජංගම වාහන ඔසවනයක් තුළ සඟවා තිබියදී මෙම රත්රන් තොගය රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද රත්රන් තොගයේ බර කිලෝ ග්රෑම් 03යි ග්රෑම් 13ක් බවත් සැකකරුගෙන් වැඩිදුර ප්රශ්න කිරීම් සිදුකරන බවත් ගුවන්තොටුපොළ රේගුව සඳහන් කරයි.

ටී. කේ. ජී කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

