රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් වටිනා කිලෝ ග්රෑම් 06 ක් බර රත්තරන් කුට්ටි 60 ක් සමග කටුනායක ගුවන් තොටුපොළ රාජකාරියේ නියැලී සිටි ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ (22දා) දින රාත්රී අත් අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොලොන්නාව ප්රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. විදේශික ජාවාරම්කරුවෙකු විසින් මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට රත්රන් ලබාදී ඇති අතර එතැන් සිට ඒවා ශ්රී ලංකාව තුළට මොහු විසින් රැගෙන යන බව සිදු කරන ලද මූලික රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
මීට පෙර ද මේ ආකාරයට එක් වතාවක් රත්තරන් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කළ බවත් , මෙවර පිට කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දෙන බවට පොරොන්දු වී තිබුණ බවටත් නිලධාරීවරයා රේගුව හමුවේ ප්රකාශ කර තිබේ.
එහෙත් මෙම ජාවාරම කලක සිටම කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරී ඇති බව රේගුවට විවිධ තොරතුරු මගින් දැන ගැනීමට ලැබී ඇති බවද රේගුව සදහන් කරයි.
මෙම සැකකරු ඊයේ රාත්රීයේම නීතිඥවරයෙක් ගුවන් තොටුපොළ වෙත කැදවා ගනිමින් මෙයින් ගැලවී යාමට බලවත් ප්රයත්නයක් ද දරා තිබේ.
ටී.කේ.ජී. කපිල/ප්රසාද් මුතුකුඩ
