කෝටි 42 වටිනා හොරෙයින් මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගැනේ
අංගොඩ ලොක්කාට අයත් බව කියන රුපියල් කෝටි හතළිස් දෙකකට අධික හෙරොයින් මත්කුඩු තොගයක් ,ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් අංගොඩ අඹතලේ නිවසක සඟවා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
මත්කුඩු කිලෝ 42 ක ට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි තුනක් ,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවියක් ,ටී 56 මැගසින් පහක් හා ටී 56 ජීව උණ්ඩ 170 පොලිස් භාරයට ගෙන ඇත
ඉකුත් 24 වෙනිදා ඩුබායි රාජ්‍ය රාජ්‍යයට පලා යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ පාතාල නායකයෙකු ,ලෙස සැලකෙන සාරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සාරංග සමග ක් පිරිස අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළි වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
ඉබි යතුරු දමා වසා දමා තිබූ කාමර තුනකින් එම නිවසේ මැද කාමරේ සිමෙන්තියෙන් තනන ලද කබඩ් එකක් තුළ මෙම මත්කුඩු තොග සහ ගිනිඅවි සඟවා තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
බිමල් ෂ්‍යාමන් ජයසිංහ

popular news
-
Don Wednesday, 26 August 2020 07:16 PM
Lawyers are eagerly waiting to twist the law and release these thugs charging exorbitant money. Then again they continue the business from where they stopped while on bail. This is Sri Lanka, best in the world.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

