කොළඹට පැමිණෙන මගීන්ට විශේෂ ප්‍රවාහන පහසුකම්
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ලබන 26 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.
පාස්කු ඉරිදා (21දා) රට තුළ ඇති වූ පිපිරීම් හේතුවෙන් සිය ගම් වෙත පිටත්වූ පිරිස් හට නැවත කොළඹට පැමිණීමට නොහැකි වූ බැවින් මෙලෙස ලබන 26 වැනිදා දක්වා විශේෂ බස් සහ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කර තිබේ.
අවුරුද්දට ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිසම් සභාව මගින් විශේෂ ප්‍රවාහන සේවාවක් පසුගිය 08 වැනිදා සිට ඊයේ (22දා) දින දක්වා ක්‍රියාත්මක විය.
කෙසේ නමුත් රට තුළ ඇති වූ හදිසි තත්ත්වය හේතුවෙන් එම විශේෂ ප්‍රවාහන සේවය ලබන 26දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා %අද^ පුවත්පතට පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

