කොළඹ ප්රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (30දා) මරණ දඬුවම නියම කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ මාලිගාකන්ද ප්රදේශයේ පදිංචිකරුවන් වන උපුල් ප්රසන්න රෝසයිරෝ සහ අමිත උමගිලිය ප්රසන්න නමැති මැදි වයස්වල පුද්ගලයින් දෙදෙනෙකුටය.
2013 ජනවාරී මස 23 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ හෝර්ටන් ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 20.28 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
