කොළඹ නාගරික කොමසිරිස් ලෙස කටයුතු කරමින් සිටියදී එම ධුරයෙන් ඉවත් කළ වී.කේ. අනුර මහතා යළි එම තනතුරට පත් කර තිබේ.
අද පස්වරුවේ කොළඹ මහ නගර සභාවේ පැවැති උත්සවයකදී ඔහු යළි වැඩ භාරගෙන තිබේ.
මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව පත්කළ ජනපති විමර්ශන කොමිසමේ නිර්දේශ මත අනුර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට මේ වසර මුලදී කටයුතු කළේය.
