කොවිඩ් වළඳුනා කියන්නේ අපරාධකරුවෙක් නෙමෙයි - මොහාන් සමරනායක
පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමට මාධ්‍යයට අයිතියක් නොමැති බවත් කොවිඩ් වැළඳීම යනු අපරාධකරුවෙක් නොවන බවත් ජනපති මාධ්‍ය අංශයේ අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා පැවැසීය.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතනවල ප්රවෘත්ති අංශ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
“කොවිඩ් වාර්තා කිරීම ජනමාධ්‍යයට අභියෝගයක්. මේ තමයි දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇතිවන ගෝලීය පරිමාණ අර්බුදය. අයි.එම්.එෆ්. කියන විදිහට සැප්තැම්බර් මුල වන විට අහිමිවන රැකියා ප්‍රමාණය මිලියන 305ක්. මේ බරපතල ප්රශ්නය ගැන ජනතාව දැනුවත් කළ යුතුයි.
නමුත් මෙය කළ යුතු වන්නේ ජනතාව බිය නොවන ආකාරයට. ඒ අයට තේරුම් වන ලෙසට. මම මාධ්‍යකරුවෙක් ලෙස දකින හැටියට ඒක ඒ ප්‍රමාණයෙන් වෙන්නේ නෑ. මාධ්‍යයට අයිතියක් නෑ ප්‍රද්ගලයාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරන්න. කොවිඩ් වැළඳුනා කියන්නේ අපරාධකාරයෙක් නෙමෙයි. ඒක ප්‍රවේශමෙන් වාර්තා කළ යුතුයි. ”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

