කොවිඩ් එන්නත සාධාරණව දෙනවා
කොවිඩ් 19 එන්නත ලබාදීමේදී සෑම පුරවැසියෙකුටම සාධාරණ අවස්ථාවක් ඇති කිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කොවිඩ් 19 වසංගතය පාලනය කරමින් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට නම් එන්නත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවත් ඔහු පැවැසීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එන්නත් සඳහා ජනතාවට සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු පැවැසීය.
සෞඛ්‍යය සේවයට සම්බන්ධ වෘත්තීය සමිති පසුගිය දින කිහිපයේදීම රජයට චෝදනා කළේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය සාධාරණ ලෙස සිදු නොවන බවයි.
popular news
-
Deepal Nirosh Friday, 21 May 2021 12:13 PM
අනේ මහත්තයො ඔය බොරු සාධාරණ අවශ්‍ය නැහැ, එන්නත අනවශය කලබලයක් නැතුව ප්‍රමුඛතාව අනුව පිළිවලකට දෙන්න. රටේ බහුතරයකට එහෙම කිසිම හදිස්සියක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

