නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනෙකු ඇතුළු හය දෙදෙනෙකු අද (20) රාත්‍රි නාගොඩ රෝහලෙන් පැනගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ පැනගොස් ඇත්තේ නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු බව පැවසේ.
පස්වරු 6 ත් 6.30 ත් අතර කාලයේ ඔවුන් රෝහලේ බැම්මට ඉහලින් ඇති දැල ඉවත්කර පැනගොස් ඇති බව සදහන් වේ.
පැනගොස් ඇති කාන්තාවක සාරංගා තරංගනී බවට හදුනාගෙන ඇති අතර , අනෙක් අයවලුන් කවුරුන්ද යන්න ලේඛන අනුව පරීක්ෂා කරමින් සිටින බවත්, රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බැවින් පැන ගිය අයවලුන් කවුරුන්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
කොරෝනා සැකසහිත අයවලුන් සහ ආසාදිතයින් එකම වාට්ටුවේ රඳවා ඇති බැවින්, රෝගීන් අතර යම් නොසන්සුන්තාවයක්ද පවතින බව පැවසේ.
ඒ අනුව යුද හමුදා බස් රථ ගෙන්වා ආසාදිතයින් පස්දුන්රට සහ දර්ගා නගරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයටත් , පීසීආර් පරීක්ෂණ ලැබී ඇති ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇති අයවලුන් නිවෙස් කරා ගෙන ගෙනයාමටත් කටයුතු කරමින් සිටින බව සදහන් වේ.
නාගොඩ රෝහල් පොලිසිය සහ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වති.
පානදුර සූමිත් ප්‍රේමතිලක