කොවිඩ් අරමුදලට පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ඉල්ලයි
කොවිඩ් මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන බවයි.
“කොවිඩ් වසංගතය සීග්‍රයෙන් රටපුරා පැතිර යන මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා රජයට සහයෝගය ලබාදෙන්නැයි කොරෝනා පාලන රාජ්‍ය අමාත්‍යවරිය දානපතියන්ගෙන් ඊයේ දිනයේදී ඉල්ලා තිබුණා.
කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා ජනතාව අනිවාර්යෙන්ම සිය දායකත්වය ලබාදීම කළ යුතුව ඇත. ඒ අනුව මෙරට සමස්ත ජනතාවගෙන් අප සංවිධානය ඉල්ලා සිටින්නේ ඒ සදහා සිය මූල්‍යමය දායකත්වය තමන්ට හැකි අයුරින් ලබාදෙන ලෙසයි.
තවද මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරුගෙන්ද අප ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සිය මුල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ ආදායමක් ලබන පුද්ගලයින් වෙයි. පවතින කොවිඩ් වසංගත තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගමන් වියදම් හා වෙනත් වියදම්ද අඩුවී ඇත. එම නිසා රජය මුහුණදී ඇති මෙම අර්බුදකාරී අවස්ථාවේදී මානව හිතවාදීන්වන සියලුම පාර්මේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අප සංවිධානය ඉතා කාරුණිකව නැවත නැවතත් ඉල්ලා සිටින්නේ රජය ගෙන යනු ලබන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම මූල්‍යමය දායකත්වය ලබාදෙන ලෙසයි. අවම වශයෙන් මසක හෝ දෙකක වැටුප මේ සදහා පරිත්‍යාග කරන ලෙසයි.”

popular news
-
Deepal Nirosh Sunday, 16 May 2021 02:21 PM
කාගෙ කාගෙන් හරි අරමුදල් රැස් කර ගන්න ඉස්සරවෙලා මීට කලින් ජනතාවගෙන් එක් රැස් කරගත් ඉටුකම අරමුදලේ හර නිවේදන ජනතාවට ප්‍රසිද්ධ කරානම් හොඳයි. ඇඹිලිපිටිය රෝහලට ඉල්ලන පී.සී.ආර්. යන්ත්‍රය එම අරමුදලින් මිල දී ගන්න බැරි ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

