කලුබෝවිල ශික්ෂණ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වීමත් සමග එම වාට්ටුව වසා දැමීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
එම වාට්ටුවේ සේවය කල වෛද්‍ය වරු ඇතුලු කාර්යය මණ්ඩලය මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ නේවාසිකාගාරයේ දින 14 නිරෝධායනයට ලක් කර එහි සිටි රෝගීන් හෝමගම මූලික රෝහලට යොමු කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පැවසීය.
බිමල් ශ්‍යාමන්