කොරෝනා ආසාදිත හොරණ යුද හමුදා නිලධාරියාගේ සමිපතයින් 25දෙනෙකුගේ PCR පරික්ෂණ හෙට
කොරෝනා ආසාදිත වූ හොරණ කදාන යුද හමුදා නිලධාරියාගේ සමීපතමයන් 25 දෙනෙකුගෙන් ,ඔවුන්ට එම රෝගය වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම හෙට (9)අඟහරුවාදා අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේදී සිදුකරන බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
කළුතර ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ වෛද්‍යවරු ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් එම පරීක්ෂණ සිදුකිරීමට කිරීමට නියමිතව ඇත.
මෙම හමුදා නිලධාරියා ගමන් කල ඔහුගේ දෙමවුපියන්ගේ නිවෙස් වල දෙමවුපියන් ඥාතීන් , ව්‍යාපාර ස්ථානවල දී ඔහු මුදල් ගනුදෙනු සිදුකළ පුද්ගලයින්, ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින්, ගෙවත්තේ පොල් කැඩූ පුද්ගලයින් ඇතුළු 25 දෙනෙකු මේ සඳහා ඇතුළත්ව ඇත .
මදුරාවල ,හොරණ බණ්ඩාරගම ,මිල්ලනිය ,වාද්දුව ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ වල මෙම පුද්ගලයින් පදිංචිව සිටිති .
(අගුරුවාතොට මංගල එදිරිසිංහ)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

