කොරෝනා ආසාදිත හොරණ යුද හමුදා නිලධාරියාගේ සමිපතයින් 25දෙනාගේ PCR පරික්ෂණ අද
පසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .
කලුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් පරිදි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය ඇතුළු විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අද දවසේ මෙම කටයුත්ත සිදු කළහ.
මෙම පරීක්ෂණ කටයුතු උපරිම සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කිරීම සඳහා අඟුරුවාතොට පොලිසිය සහ මදුරාවල ප්‍රාදේශීය සභාව ද විශේෂ සහයෝගයක් ලබාදී තිබිණි . මෙහිදී අදාල යුද හමුදා නිලධාරියා ඇසුරු කළ හොරණ ,බණ්ඩාරගම ,මිල්ලනිය ,මදුරාවල, වාද්දුව ,සෞඛ්‍ය නිලධාරී බල ප්‍රදේශ තුළ පදිංචි ඔහුගේ දෙමවුපියන් , ඥාතීන් ඔහුගේ නිවෙසට පැමිණි පුද්ගලයින් , ඔහු ව්‍යාපාර කටයුතු වල දී ගනුදෙනු සිදුකළ පුද්ගලයින්, එසේම ඔහුගේ ගෙවත්තේ පොල් කැඩූ පුද්ගලයින් ඇතුළු විසි පස් දෙනෙක් මෙම පරීක්ෂණ සඳහා සහභාගි වූහ .
ඔවුන්ගෙන් ලබා ලබා ගත් සාම්පල් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත යොමු කිරීමට නියමිත අතර එහි ප්‍රතිඵල හෙට දිනයේ ලැබීමට නියමිත බවත්, එම ප්‍රතිඵල යහපත් වුවහොත්,ඔවුන් මෙතෙක් ගතකළ නිරෝධායන කාල සීමාව හෙටින් අවසන් කරන බවත් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය වැඩිදුරටත් පැවසුවාය .
පසුගියදා කොරෝනා ආසාදිත වූ හොරණ කඳන යුද හමුදා නිලධාරියා ඇසුරු කළ ඔහුගේ සමීපතමයන් 25 දෙනෙකුට ,කොරෝනා වැළදි ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීම අද (9) අඟුරුවාතොට පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදු කෙරුණි .
අඟුරුවාතොට - මංගල එදිරිසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

