කොමිසම් සභා හරහා සිදු වන්නේ රටට අයුක්තියක් - SB
19 වන සංශෝධනය හරහා ආ බහුබූත කොමිසන් සභා ඉවත් කිරිමෙන් ජනතාවට සාධාරණය ඉටුවන බවත් කොමිසන් සභා හරහා රටට යුක්තිය සාධාරණය වෙලා නැති බවත් එයින් සිදුවි ඇත්තේ රට තුල මහා අසාධාරණය අයුක්තිය වැඩි විමක් බැවින් 19 වන ව්‍යවස්ථාව වෙනස් කර මෙම කොමිසන් සභා ඉවත් කිරිම සුදුසු බව එස් බි දිසානායක මහතා පැවසීය.
හිටපු අමාත්‍ය එස් බි දිසානායක මහතා මෙසේ පැවැසුයේ එතුමාගේ නිවසේ අද (14) පැවැති මාධ්‍ය හමුවකදිය.
එහිදි හිටපු අමාත්‍යවරයා මෙසේ පැවැසිය,
පසුගිය වකවානුවේ හිටපු පොලිස්පතිතුමා පත්කරණු ලැබුවේ ඊට වඩා ජ්‍යෙෂ්ඨයින් කපල දාල ඒකෙ ප්‍රතිපලය උණේ මුලු රටේ දහස් ගාණක් මිනිස්සු මැරිල දහස් ගණනක් මිනිස්සු ආබාධිත වෙලා මහා විනාශයකින් කෙලවර උනේ අන්න ඒ ව්‍යවස්ථාවෙන් පොලිස්පති පත්කිරිමෙන්.
අනික මැතිවරණ කොමිසමට පත් කරල තියෙන බූල් හූල් මේ මනසුස්ය මොන තරම් හිතුවක්කාරි විදිහට වැඩ කරනවද බලන්න මැතිවරණ කොමිසමක පරමාර්ථය නිවරැදි කාලයෙදි නිවරැදි විදිහට මැතිවරණ තිබිමයි. නමුත් මේ බූල් හූල් උසාවියට යනව ඡන්දය තියන්න එපා කියන්න මෙයත් කොමිසමේ සාමාජිකයෙක් ඉතින් කොමිසම හරිද ?
ඒ වගේම පොලිසියේ කරපු ඇතැම් මාරුවීම් මැතිවරණ කොමිසම දිපු ඇතැම් උපදෙස් අපි මිනිසුන්ට නිලධාරින් ප්‍රාදේශිය ලේකම් හරහා රුපියල් 5000 දුන්න ඒක එපැයි කිවුව මේ සියල්ල කොමිසන් සභා හරහා සිදුවෙච්ච සිදුවීම්.
සමහර මාරුවීම් සමහර පත්විම වලට සම්පුර්ණයෙන් මේ කොමිසම් වගකියන්න ඕන මම දන්නවා අභියාචනා අධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරු ගෙදර ගියා මොකද උසස්විම දෙන්නෙ නැ එකම හේතුව තමා මේ කට්ටියගේ දේශපාලන පසුබිම. ඒ වගේ ඇතැම් ඇපිල් කොට් වල හිටපු ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරු සුප්‍රිම්කෝට් යවන්නෙ නැතුව ගෙදර ඇරිය. මේ වගේ සිදුවීම් ගත්තම මේ කොමිසන් සභා පත් කරන ක්‍රමවේදය මේ කොමිසන් සභාවේ සාමාජිකයන් හා මේ කොමිසන් සභා හරහා රටට යුක්තිය සාධාරණය වෙලා නැ වෙලා තියෙන්නෙ රට තුල මහා අසාධාරණය අයුක්තිය අසාධාරණය වැඩි විමක් ඒ නිසා 19 වන ව්‍යවස්ථාව වෙනස් කරල මේ කොමිසන් සභා ඉවත් කිරිම සුදුසුයි කිය තමන් සිතන බවද එස් බි දිසානායක මහතා කිය.
රනිල් වික්‍රමසිංහ යුගයේ ඇතිවු නිතිවිරෝධි පෞද්ගලික කලුකඩ කාරයින්ට යම් ඉඩකඩ විවෘත විම නිසා ඔවුන්ට වාසි වන විදිහට 19 වන ව්‍යවස්ථාවන් වෙනස් කරමින් ඇතිවුණු ජනතාවට අවාසිවන ව්‍යාපාර නිසා ජනතාවට අවාසියක් සිදුවු බවත් ඒ නිසා 3/2 ක් අවශ්‍ය බවත් 19 වන ව්‍යවස්ථාව අහෝසි කල යුතු බවද එස් බි දිසානායක මහතා පැවැසිය.
පෙරටුගාමි විරෝධතාවයට පොලිසියෙන් කල පහරදිම ඉතාම සාධාරණ බවත් එසේ නොවුණානම් එය පූර්වාදර්ශයක් වන බවත් කොවිඩ් වසංගතය අද ලෝකයේ පාලනය කරගත් රටවල් 3යි තියෙන්නෙ. එකක් වියට්නාමය අනික නවසිලන්තය ඒවා ධනවත් රටවල් නමුත් ශ්‍රී ලංකාව ඒවාට උඩින් ගොස් මේ කොවිඩ් වසංගතය හරියටම පාලනය කරගත්තේ අපේ ශ්‍රී ලංකාව ඒ නිතිරිති හරියට ක්‍රියාත්මක කරපු නිසා ඒ නිසා මිනිස්සුන්ට පාරට බැහල සෙනඟ අරගෙන හිතු හිතු දේ කරන්න ඉඩ ඇරියොත් රටම ඉවරයි.
එතන එක කෝවිඩ් ආසාදිතයෙක් හිටියනම් එක විශබිජ වාහකයෙක් හිටියනම් මුලු කොළඹම අපිට කොරන් ටයිම් කරන්න වෙනව මුලු කොළඹම අපිට ලොක් කරන්න වෙනව විශ්ව විද්‍යාල තව මාස 6 ට විතර වහන්න වෙනව විශ්ව විද්‍යාල වල අය තමා එතනට වැඩියෙන් ඇවිත් හිටියෙ. ඒ කරපු වැඩේ අසාධාරණයි ඒකට පහර දිල ඉවත් කිරිම සම්බන්ධය මම සම්පුර්ණයෙන්ම අනුමත කරන බවත් ජනාධිපතිතුමා කදුලු ගැසි ගහන්න කිව්වත් කදුලු ගැසි ගහලම එලෙවුවනම් තමා වඩාත් හොඳ කියා තමන් පවසන බවද එස් බි දිසානායක අමාත්‍යවරයා එහිදි පැවසීය.

popular news
-
Don Sunday, 14 June 2020 05:19 PM
He is right because he lost when election commission conducted election not allowing any vote rigging or thuggery.
Reply : 0 0
rocky Sunday, 14 June 2020 05:35 PM
apoyi, obathumaa gen yukthiya itu wuna hati api dannawa ne!
Reply : 0 0
Demuni Uduwara Sunday, 14 June 2020 06:19 PM
You don't like the law and order. Isn't it?
Reply : 0 0
Demuni Uduwara Sunday, 14 June 2020 06:19 PM
You don't like the law and order. Isn't it?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

