කොළඹ කොටුව හා මාලඹේ දක්වා ඉදිකිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන නොයන බව රජය විසින් ඒ සඳහා අරමුදල් ලබාදෙන JICA ආයතනය වෙත දැනුම් දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එම ව්‍යාපෘතිය තවමත් උපදේශන මට්ටමේ පවතින බවද ඔහු පැවැසීය.
එසේම වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේදී ජයිකා ආයතනයත් සමග සාකච්ඡා කර තිබූ ව්‍යාපෘතිය මෙය නොවන බවද බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ එම ව්‍යාපෘතිය ඉදිකිරීමේදී දැනට ඉදිකර ඇති මෙන්ම ඉදිවෙමින් පවතින දේපළවලටද හානි සිදුවන බවයි.
