පුත්තලම කුරූණැගල ප්රධාන මාර්ගයේ දී අද (19) දින සවස වාහන තුනක් ගැටි සිදුවු අනතුරින් සිවු දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ අනතුරට පත් වාහන වල ගමන් ගත් ගැබිනි කාන්තාවන් ඇතුළු තිදෙනෙකු බව පැවසේ.
පොලීසිය පවසන්නේ පුත්තලම දෙසින් පැමිණි භාණ්ඩ ප්රවාහන කැබ් රථයක රියදුරාට නින්ද යාමත් අධික වේගයත් සමග ආණමඩුව දෙසින් පුත්තලම දෙසට ගමන් කරමින් තිබු කැබ් රථයක හා වැන් රථයක් ගැටි ඇති බවයි .
මෙහිදි භාණ්ඩ ප්රවාහන කැබ් රථයේ ගැටුන වෑන් රථය එහි රියදුරාට පාලනය කර ගත නොහැකිව උඩුකුරුව පෙරළි ගොස් තිබුනී .
මේ සමඟම පුද්ගලික ආයතනයකට අයත් කැබ් රථයේ රථයක්ද අනතුරට ලක් කරමින් භාණ්ඩ ප්රවාහන රථය මාර්ගයෙන් ඉවතට පැන මඩේ එරි නැවති තිබුනී.
වෑන් රථය හා කැබ් රථය අනතුරට ලක්කල භාණ්ඩ ප්රවාහන කැබ් රථයේ රියදුරා අවුරුදු 60 ක් ඉක්මවු වයෝවෘද්ධ අයෙකු බවත් මොහුට එකවර නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම මාර්ගයෙන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ඒ.එච්.එම් .ප්රේමරත්ත මහතා තම ජීවිතය බේරා ගෙන ඇත්තේ යතුරු පැදිය එකවර මාර්ගයෙන් ඉවතට ගනිමින් පැන ගැනිම නිසා බව ඔහු පැවසිය.
අනතුරින් තුවාල ලැබු පිරිස කඩිනමින් 1990 ගිලන් රථ ගෙන්වා රෝහල් ගත කිරීමට ප්රදේශවාසින් කටයුතු කර තිබුනී.
