කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
සුහුරු තාක්ෂණ ප්‍රවාහන ක්ෂේත්රයට මගපාදමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කොට්ටාව - මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.
මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ඉදි වූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය දක්ෂිණ අධිවේගි මාර්ගය ඔස්සේ කොළඔ දෙසට පැමිණෙන බස් රථ හා මෝටර් රථ මෙම මධ්‍යස්ථානයේ නවතා එහි සිට දුම්රිය හෝ බස් රථ භාවිතා කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගැනීමට ඉඩ සලසා දි තිබේ.
ඒ අනුව බස් රථ ,දුම්රිය සහ කුලි රථ සේවාව යන ප්‍රවාහන අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරා ගැනිමට දැන් හැකියාව ලැබේ.
එල්.ඊ. ඩී පුවරු මත නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරිම, ජී.පී. එස් මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස් රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනිමට හැකි විම, අන්තර්ජාලය මගින් ප්‍රවේශ ලත් වෙන් කිරිම, දුම්රියේ හා බස්රියේ එකම ප්‍රෙව්ශ පත්‍රයකින් ගමන් කළ හැකි විම,ස්වයංක්‍රීය ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ පහසුව,විවේකාගාර ,සනීපාරක්ෂක පහසුකම්, බැංකු පහසුකම් , ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන ආදි පහසුකම් රැසක් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන මගින් ලබා ගත හැක.
අනාගතයේදි පිටකොටුව, බත්තරමුල්ල, මහනුවර,කඩවත,කටුනායක,දහ අටේ කණුව ආදී ප්‍රදේශ වලද මෙවැනිම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවිමට කටයුතු යොදා ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,000ක මුදලක් වෙන් කර ඇත.
කෂිනි හපුආරච්චි

popular news
-
M.A.J. Sunday, 31 March 2019 02:04 PM
මෙ ඉතා හොඳ අදහසකි. දැනට රටේ තිබෙන ප්‍රවාහන ගැටළු විසඳීමට මෙයින් යම් උපකාරයක් වේ යැයි සිතමු. ඒත් එක අවධානමක් ගැන අවධාරණය කරමු. මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය නිසා හයිලේවල් පාරේ දැනට තිබෙන මාර්ග තදබදය දෙගුන තෙගුන වීම වැලැක් වීය නොහැක. සවස් කාලයේදි නුගේගොඩ සිට කොට්ටාව නගරය පසු කිරිමට සාමාන්‍ය බසයකට ගත වන කාලය පැය එකහමාරකට ආසන්නය. එමෙන්ම මෙහි මාර්ග තදබදය සවස 4 සිට රාත්‍රී 8 පසුවන තෙක් පවතියි. මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රධාන පාරේ ඉතා අවිදිමත් වට රවුමක් ඉදිරිකර ඇත. ඒ නිසා ප්‍රධාන මාර්ගය අවහිර වේ. මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය ගොඩ නැගීමේදි හයිලෙවල් පාරේ මාර්ගයේ තදබදය අවම කිරිම නොසලකා හැරීම බලවත් අඩුපාඩුවකි. මේ ගැන මෙම ස්ථානය පසු කරන සියලුම බස්-මගින් ගේ කණස්සල්ල බස් රථවලිදි ඇසිය හැක.
Reply : 0 1
rocky Sunday, 31 March 2019 06:56 PM
ජනතා අයිතියට? මාර කතාවක්නේ! ජනතාවගේ මුදල්වලින්ම හදලා - පුළුවන් තරම් එකෙනුත් පිල්ලි ගහලා - දැන් හරියට තමන්ගේ පවුද්ගලික වියදමෙන් හැදුවා වගේ අපට පවරනවලු! මමත් ජනතාවගෙන් කෙනෙක්. ඔය පැවරිල්ල මට නම් එපා! අයිතිකාරයෙක් ඉන්නවා නම් තියා ගන්න, මගේ කොටස!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

