කොග්ගල ප්‍රදේශයේ හෝටලයක් තුල පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ද ආශ්‍රිතයින් අතුරින් පුද්ගලයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (20) දින ලැබුණු පි.සි.ආර්. පරික්ෂණ වාර්තවලින් තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වු අය අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු කාන්තාවන් 09 දෙනෙකු හා පිරිමි දරුවන් 03 නෙකු සිටින බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
(19) දින මෙහි නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 272 දෙනෙකුගේ පි. සි.ආර් පරික්ෂණ සිදුකළ බවත් එම පි. සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව ඉන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මින් 259 දෙනෙකුගේ පි. සි.ආර් පරික්ෂණ ඔවුන් නිවෙස්වලට යැවිමට පෙර දෙවැනිවරට සිදුකළ පි.සි. ආර්. පරික්ෂණ බව සදහන් කළ ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා 13 දෙනෙකු සදහා මුල්වරට පි.සි.ආර්. පරික්ෂන සිදුකළ බවද පවසයි.
ආසාදිත රෝගින් වැඩිදුර ප්‍රථිකාර සදහා රෝහල්වෙත රැගෙන යාමට නියමිතව ඇත.