කොකේන් බොන ඇමතිවරු හෙළිකරන්න - SLPP
කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශ අගය කරන බවත් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා. ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරුන් සම්බන්ධයෙන් කරපු හෙළිදරව්ව අපි අගය කරනවා.
නමුත් ක්‍රීඩකයින් ගැන කරපු චෝදනාව නම් අපි විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔවුන් කිසියම් තරගයකට යනවා නම් ඊට පෙර පරීක්ෂණවලට බදුන් වෙනවා. නමුත් ඇමැතිවරු ගැන කරපු චෝදනාව නම් නිවැරදි වෙන්න පුලුවන්. පහුගිය කාලයේ රට වෙනුවෙන් ගත්තු යම්යම් තිරණ මේ අය ගත්තේ කුඩු ගහලද කියලා අපිටත් වෙලාවකට හිතෙනවා. රටේ ජාතික සම්පත් විකුණපු විදිය, රටේ ආර්ථික විනාශය දැක්කාම එහෙම හිතෙන එක සාධාරණයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි පියවර ගනිමින් සිටිනවා. එතුමාට ආරම්භය ගන්න සුභ තැනක් දැන් හෙළිවෙලා තියෙන්නේ. කවුද කුඩුගහන ඇමැතිවරු කියලා හොයා ගෙන නෙරපා හරින අතරේ උපරිම දඩුවම් දෙන්න අවශ්‍යයි. කුඩු ගහන අය සම්බන්ධයෙන් හරි පියවරක් ගන්න අවශයයි.”
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා,
“රංජන් රාමනායක මන්ත්‍රීවරයා කියනවා කොකේන් ගහන ඇමැතිවරුලු ඉන්නේ. එවැනි අය ඇමැතිවරු නම් අපේ තරුණයින්ට දෙවියන්ගේ පිහිටයි. මේ ඇමැතිවරු පස්දෙනා රටට හදුනා දීලා දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න අවශ්‍යයි.”

popular news
-
Kumar Friday, 15 February 2019 10:35 PM
කොකේන් වැනි මත ද්‍රව්‍යක් එක ගමනක් ගත්තොත් එක් එතනින් නවතිනදෙයක් නොවේ. ඒ කියන්නේ එක ගමනකින් එයට ඈබ්බැහි වෙන නිසා. ඒ වැනිදෙ පාවිචි කරන අයගෙ නාසය ඇතුලත රතුපාට විය හැකි අතර සමහර අය එම ද්‍රව්‍ය විදුරු මසේ තවරන නිසා තමාගේ දත් හැලීයනව. ඔය කියන මන්ත්‍රීන්ගේ ගැන සැක ඇතිවීමට ඉහත සඳහන් දෙය පෙනෙන්න තිබෙවද?
Reply : 0 0
Don Saturday, 16 February 2019 08:39 AM
මෙයා අනුන්ගේ වචන අල්ලාගෙන මාධ්‍ය සාකච්චා පවත්වන රස්තියෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
