පේදුරු තුඩුව නගුරුකෝවිල් ප්රදේශයේදී නීතියෙන් මැරීමට තහනම් පක්ෂීන් 26ක් (කොක්කු) යතුරුපැදියකින් ප්රවාහනය කළ පුද්ගලයෙකු ඊයේ (04දා) පේදුරුතුඩුව පොලීසිය අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.
සැකකරු පේදුරු තුඩුව නගුරුකෝවිල් රක්ෂිතයේ කලපු ප්රදේශයේදී එම පක්ෂීන් ඝාතනය කොට ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සඅකකරු අද (05දා) පේදුරුතුඩුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
