කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය තවදුරටත්

කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රමවේදය ඉදිරි දෙසතිය තුළද සිදුකර, එහි සාර්ථක අසාර්ථකත්වය ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මාඋස්සාකැලේ ජල පෝෂක ප්‍ර‘දේශ ඉලක්ක කරමින් මේ වනවිට අවස්ථා දෙකකදී කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
කෘත්‍රිම වැසි ඇති කිරීමේ රසායනික ද්‍රව්‍ය යෙදූ පසු එම ප්‍ර‘දේශවලට වර්ෂාව ලැබී තිබෙන බවත්, ඉදිරියේදී ජල විදුලි නිෂ්පාදනය කරන ජල මූලාශ්‍ර මුල් කරගෙන මෙම රසායනික ද්‍රව්‍ය‘ යොදා කෘත්‍රිම වැසි ඇති කිරීමට කටයුතු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මිලිලීටර් 100ක වර්ෂා තත්ත්වයක් ලබාගැනීම මෙමගින් අපේක්ෂාව බවත්, සාර්ථක අසාර්ථකතාව පිළිබඳ තීරණයක් ගැනීමට සිදුවන්නේ සති දෙකක කාලයක් තුළ සිදුකරන අත්හදා බැලීම්වලට අනුව බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
තායිලන්ත විශේෂ ඉංජිනේරුවන් පිරිසක් මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, මාඋස්සාකැලේ ජල පෝෂිත ප්‍ර‘දේශයට කෘත්‍රිම වැසි ඇති කිරීමට රසායනික ද්‍රව්‍ය යෙදවීම ගුවන් හමුදාවේ Y 12 යානයක් මගින් අඩි අටදහසක් ඉහළ වලාකුළු යොදාගෙන සිදුකර තිබේ.
popular news
-
Champa Monday, 25 March 2019 01:19 PM
කෘත්‍රිම වැසි ඇති කිරීම තවම ලෝකේ පුරා තියෙන්නේ පර්යේෂණ තත්වයේ. මේකෙන් කරන්නේ ඉතාම සැර රසයනකින ද්‍රවය පරිසරයට එකතු කරලා ස්වභාවික වායු ගෝලය විකෘති කරලා ඒ මගින් වැසි ඇති කිරීම. ස්වභාවික වැස්සක් වගේ නෙමෙයි මේ වැස්සෙන් වහින්නේ රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය මිනිස්සුන්ට සත්තුන්ට ගස්වැල් වලට සහ පසට ඉතාම අහිතකරයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අනිත් කාරනාව තමයි මෙහෙම නිතරම ස්වභාවික වායු ගෝලය රසායන ද්‍රව්‍ය එකතු කරල විකෘති කරහම ඊට පස්සේ වෙනද ඇති වෙන වැස්සත් නැති වෙන්න පුළුවන්. ලංකාව කියන්නේ ස්වභාවිකව ඊසාන දිග සහ නිරිත දිග මෝසම් වැස්ස ලැබෙන රටක්. කෘතීම වැසි වස්සන අනිත් රටවලට එහෙම නිශ්චිත වැසි සහිත කාලයක් නැහැ. ඒ හින්දයි ඕක කරන්නේ. කවදාවත් ආයේ කපන්නේ නැහැ කියපු විදුලි බල මණ්ඩලේ හිටපු ගමන් විදුලිය කපන්න ගත්ත හේතුව තමයි මේ කෘත්‍රිම වැසි ඇති කරන්න පටන් ගන්න ඕනේ කියන එක සමාජයට ඒත්තු ගන්වන්න. ඒ මොකොද මේ වැඩේ හොඳට කොමිස් ගහන්න පුළුවන් වැඩක් නිසා. අනිත් එක රවී කරුණානායක කියන්නේ මුදල් ඇමති කාලේ රුපියල් 10 ලොතරයියෙන් සල්ලි ගහන්න හදපු මිනිහෙක්. වරායෙන් සිය ගානක් කන්ටේනර් බදු නොගෙවා එලියට පන්නපු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

