වාර්ෂික කතරගම ඇසල මංගල්‍යය වෙනුවෙන් පාගමනින් පැමිණෙන බැතිමතුන් උදෙසා විවෘත කර තිබූ කුමන ජාතික වන උද්‍යානය ඊයේ රාත්‍රියේ (22දා) සිට නැවත වසා දැමීමට පියවර ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට තිස් දහසකට අධික පිරිසක් කුමන වනෝද්‍යාන පිවිසුමෙන් ඇතුළු වී කතරගම පාද චාරිකාවට එක්ව තිබේ.
