පවත්නා දේශීය මෙන්ම ජාත්‍යන්තර ආර්ථිකය හමුවේ ඉදිරියේ කුමන ආණ්ඩුවක් බලයට පත් වුවද එම ආණ්ඩුව මාස හයක් තුළ කඩා වැටෙන බව ගාල්ල දිස්ත්‍රික් එජාප කණ්ඩායම් නායක හා අපේක්ෂක හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ඉලක්කය කඩා වැටෙන ආර්ථිකය නිවැරදි ඉලක්කයකට ගෙන යාම බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. ඉමදුව ප්‍රදේශයේ පැවති පොකුරු රැස්වීම් කිහිපයකට එක්වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
“ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන් රටක ආර්ථිකය හැසිරවීමට ක්‍රියා කළ යුතුව තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයට සමාන ආර්ථික කඩා වැටීමක් තියෙන අවස්ථාවක ලෝකේ ආර්ථක වර්ධන වේගය සීයට පහයි දශම දෙකක් දක්වා කඩාගෙන වැටිලා තියෙන අවස්තාවක්.
එවැනි අවස්තාවක දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ක්‍රියා කරපු ආකාරය දිහා බැලුවහම ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා දේශීය වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් කල්පනා කරලා වැඩ කඝ යුතුව තියෙනවා. ඉන් පිටත හසුරුවන්න ක්‍රමයක් නෑ.
ඉදිරියේ නිර්මාණය වන ආණ්ඩුව අනිවාර්යෙන්ම කඩන් වැටෙනවා. ඒ සඳහා ව්‍යවස්ථාවේ තියෙනවා ආරක්ෂිත වගන්තියක්. ඒ ආරක්ෂිත වගන්තිය තිබියදී පවා සම්පූර්ණයෙන්ම පාලනය කරගත නොහැකි ආර්ථික ඛේදවාචකයක් සිදුවෙලා තියෙන්නේ.”