කුණු සමග දේශපාලඥයන් සූදු කෙළිනවා - පාඨලී
ශ්‍රී ලංකාව පුරා කුණු කඳු 330ක් පවතින බවත් මෙම කසළ සමග දේශපාලඥයින් සූදු ක්‍රිඩා කරන බවත් බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අලුත්ගමදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් තවදුරටත් පැවැසුවේ පුත්තලම ඉදිකරන කසළ රඳවනයට විරුද්ධ වන්නේ ගම්ට වීරයෝ වීමට උත්සාහ කරන පිරිස් බවයි.
“රටපුරා කුණු කඳු 330 ක් තියෙනවා. මේ කැළි කසළ ප්රශ්නය ඉතාම බරපතල ප්‍රශ්නයක්. තවමත් ඇතැම් දේශපාලනඥයෝ මෙයත් සමග සූදු කෙළිනවා. මීතොටමුල්ලේ 33 දෙනෙක් කුණු කන්දකට යටවෙලා මැරිලත් මේ රටේ කාලකන්නි දේශපාලනයට තවම ඒක තේරිලා නැහැ.
අද කොළඹ, පුත්තලම ඇතුළු සියළුම ප්‍රදේශවල කසළ ප්රශ්නය අවුරුදු 80 කට විසඳන්න, පුත්තලමේ හිරිගල් කඩලා විනාශ කරලා තියෙන වලවල්වල විද්‍යාත්මක කසළ රඳවනයක් කරනවා. නමුත් සමහරුන්ට ඕනේ ගමට වීරයා වෙලා මේක නතර කරන්න.
ඒ ඇත්තන්ට කියනවා කරුණාකරලා මීතොටමුල්ලේ මිය ගිය අය වෙනුවෙන්වත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩදෙන්න. මේ විසඳුම කඩා කප්පල් කරන්න එපා. මේ විසඳුම කඩාකප්පල් කරනවා කියන්නේ තමනුත්, තමන්ගේ රටත් විනාශ කරනවා කියන එකයි."

popular news
-
Walpita Tuesday, 16 October 2018 01:59 AM
පාටලී ඔබ මේවා කියන්නේ අපිටද ඔබගේ කැරැට්ටුව ගැන අපි හොදටම දන්නවා ඔබ තමයි සුදු කෙලින්නේ ජනතාවත් එක්ක ඔබ වගේ පාහාර දේශපාලකයෙක් මම මගේ ඉතිහාසයට දැකලා නෑබලයට අවේ හාමුදුරුවන්ගේ කර පිටින් රනිලත් එක්ක එකතුවෙලා හාමුදුරුවන්ව නැත්තටම නැතිකළා. සංදීප පොදිපුතාව තවම හොස්පිටල් එකේ
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

