කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු අත්අඩංගුවට
කුඩා ළමුන් අලෙවි කිරිමේ ජාවාරමක යෙදුණු පුද්ගලයකු සැකපිට මාතලේ උකුවෙලදි 21දා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් දිර්ඝ කාලයක් තිස්සේ සිදු කරන විමර්ශනයකින් අනතුරු මෙම සැකකාර 47 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
වෙළද දැන්විම් අන්තර්ජාලය හරහා මුදාහරිමින් සැකකරු විසින් මෙම ජාවාරමවේ නිරත වි ඇති අතර මෙම ජාවාරම මොරටුවේ ප්‍රදේශයේදි ස්ථාන දෙකකදි සිදු කර ඇති බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා විසින් දරුවන් 30 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විකුණා ඇති බවද අනාවරණය වි තිබේ.
විදෙස් රටවල බේබි ෆාම් යනුවෙන් මෙම කුඩා දරුවන් විකිණීමේ ජාවාරමේ හදුන්වන බව පවසන පොලිසිය මෙයට සම්බන්ධි ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගත් බවද පොලියි කියයි.
මෙම සැකකරු විසින් විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැකි කාන්තාවන් මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් නේවාසිකව ස්ථානයක රදවා තෙවැනි පාර්ශවයකට විකිණිම් සිදු කරන බවද පොලිසිය කියයි.
සැකකරු 22දා මොරටුව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
රත්තොට රුවන් ධනංජය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
