කිළිනොච්චියේදී කර්නල්ට දැක්වූ උපහාරය හෙළා දකිනවා
කිළිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (10දා) සිවිල් ආරක්ෂක බළකායේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට එම ප්‍රදේශයේ ජනතාව සිදුකරන ලද උපහාර දැක්වීම උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා හෙළා දැක තිබේ.
ඒ අද (11දා) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී මන්ත්‍රීවරයා කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදුකරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්රොහීකමක් බවත් හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් පැවසීය.
එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය උතුරේ ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත් හෙතෙම පැවසීය.
popular news
-
ranjith Sunday, 24 June 2018 04:43 AM
මේ මිනිස්සුද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ මොකටද ජාතිවාදයෙන මේ රට විනාශ කරන කාලකන්නි
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

