කළු කොටි දිනය යෙදී තිබූ අද (05දා) ඒ පිළිබඳ දැනුවත් කර කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප්රදේශයේ ස්ථාන කිහිපයක ප්රධාන මාර්ගයේ එල්.ටී.ටී.ඊ ලාංඡනය සමග කළු කොටි සැමරුම් ප්රකාශ කිහිපයක් ප්රදර්ශනය කොට ඇති බවට අක්කරායන්කුලම් ආරක්ෂක අංශ පැවසීය.
ස්කන්දපුරම් බස්නැවතුම්පොළ ඉදිරිපිට හා කෝවිල අසල මෙලෙස එල්.ටී.ටී.ඊ ලාංඡනය සහිත කලු කොටි දිනය සිතුවම් ප්රදර්ශනය කර තිබූ බව ආරක්ෂක අංශ පවයි.
එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජූලි 5 වැනිදා කලු කොටි දිනය ලෙස නම් කර තිබූ අතර එම දිනය සිහිකරමින් කිසියම් පිරිසක් මෙලෙස මාර්ගයේ හා විවිධ ස්ථානයන්හි තාප්ප මත සිතුවම් ඇඳ ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.
මෙම ක්රියාව කාගේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව කිලිනොච්චිය අක්කරායාන්කුලම් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.



