නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රුපියල් 1,61,00,646ක් වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි විදේශිකයෙකු අද (03දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
සැකකරු 44 හැවිරිදි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි භාෂා පරිවර්තකයෙකි.ඔහු අද (03දා) උදෑසන ඩුබායි හරහා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන පැමිණ තිබූ පුංචි සේප්පුවක ව්‍යාජ පතුලක විශාල රන් බිස්කට් දෙකක් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන බල මෙවලමක් තුළ සඟවා ගෙන තිබූ ස්වර්ණාභරණ තොගයක්ද රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන අතර, ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 514.41 ක් බව රේගුව සඳහන් කරයි.

ටී.කේ.ජී. කපිල