කිලිනොච්චිය පොලීසියේ කොරෝනා පොකුරක්
කිලිනොච්චිය පොලිසියෙත් කොරෝනා පොකුරක්
කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ කොරෝනා පොකුරක අවධානමක් ඇති බවත් මේ වන විට පොලිස් නිලධාරීන් 21 දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්ච පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගැනීමෙන් පසුව මූලස්ථාන පොලීසියේ රාජකාරී කටයුතු කළ පොලිස් නිලධාරීන් සියලු දෙනා පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් පසුව එහි ලැබුණු වාර්තාවලදී නිලධාරීන් 21 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
කොරෝනා අවධානම පැවතියද කිලිනොච්චිය පොලීසියේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතරම කෙරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සමීප ආශ්රිත පොලිස් නිලධාරීන් වෙනත් බැරක්කයකට යොමු කොට නිරෝධායන ක්‍රියාවලිය සිදු කරන අතරම එයට පිටස්තර කිසිවෙකුට ඇතුළත් වීමටද නොහැකි බවද පොලීසිය පවසයි.
පසුගියදා රාජකාරී කටයුත්තක් වෙනුවෙන් කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් කිහිපදෙනෙකු කොළඹට ගොස් පැමිණීමෙන් පසුව එම නිලධාරීන්ට කොරෝනා ආසාදනය වී ඇති අතර පසුව ඔවුන් මාර්ගයෙන් අනෙක් නිලධාරීන්ටද ව්‍යාප්තවන්නට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරීන් සැක පළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                