කිලිනොච්චි ගංවතුරට ඉරණමඩු බලපෑවද? කමිටු වාර්තාව ආණ්ඩුකාරවරයාට
කිලිනොච්චිය ප්රදේශයට පසුගිය දෙසැම්බර් මස ඇතිවු මහා ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය බලපා ඇතිද යන්න සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවේ මූලික වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා වෙත ඊයේ (13) දින භාර දෙනු ලැබීය.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ කමිටුවේ සභාපති වන ඉංජිනේරු එස්.රගුනාදන් මහතා විසින් අදාළ වාර්තාව උතුරු පළාත් ආණ්ඩුකාර වෙත මෙසේ භාර දෙනු ලැබීය.
පසුගිය දෙසැම්බර් මස කිලිනොච්චිය හා මුලතිව් ප්රදේශයට ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පවුල් 180,000කට අදාළ පිරිසක් පීඩාවට ලක්වු අතර, වගාබිම් රැසක්ද විනාශයට පත් විය.
ජල ගැලීම්වලට ඉරණමඩු ජලාශය සංවර්ධනය කොට පුළුල් කිරීම බලපෑ බවට ජල ගැලීම් ඇති වූ අවස්ථාවේ විවධ චෝදනා ඇතිවීම හේතුවෙන් අදාළ කාරණා සම්බන්ධයෙන් සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබීය.
කමිටු වාර්තාව ලබා දෙන අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වීය.

popular news
-
Champa Thursday, 14 February 2019 05:14 PM
භයානක පෙර නිමිත්තක ලකුණු පහල වීගෙන එනවා. ඊළඟ දෙමල ත්රස්තවාදය ඉතාම සංවිධානාත්මකව පටන් ගන්න මූලික අඩිතාලම් දාගෙන යනව. ඒ ගොල්ලොම කමිටු හදල ඒ ගොල්ලොම conclusions වලට එනවා. ලංකාවේ වැව් අයිති ඒ ඒ පළාත් සභා වලටද? ඒ වැව් වල වතුර අයිති ඒ ඒ පලාත්වල ඉන්න සුළු ජාතිකයන්ට විතරද? එහෙම අයිති වුනේ කවදා ඉඳන්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
