කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකයට වෙඩි තබා තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
එම නඩුව ඊයේ (04දා) තිස්සමහරාම මහේස්ත්රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා විසින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
කතරගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.
