යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශයේ ගල් ගුහාවක් තුළ වයස මාස තුනක පමණ කොටි පැටවුන් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තාවේ.
පසුගිය 24 වනදා ප්‍රදේශයේ ගොවියෙකුන් ලද තොරතුරක් මත මියගොස් සිටි මෙම කොටි පැටවුන් දෙදෙනා සොයා ගැනීමට හැකිවූ බව යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේය.
මියගොස් සිටි කොටි පැටවුන් දෙදෙනා මාස තුනක පමණ වයස් සීමාවන්ගෙන් සමන්විත පැටවුන් දෙදෙනෙකු වන අතර මරණයට හේතුව වී ඇත්තේ පැටවුන්ට අවශ්‍ය අහාර නොලැබීම බවයි වනජීවී නිලධාරින් සැක පළකරන්නේ.
මෙම කොටි පැටවුන් දෙදෙනා මවගේ කිරි බි වැඩෙන වයසේ පසුවූ හොදින් වැඩුණු සතුන් දෙදෙනකු බවත් පැටවුන්ගේ මව අහිම් වීම හේතුවෙන් පැටවුන්ට අවශ්‍ය කිරි නිලබිම නිසා කුස ගින්නේ සිටීමට සිදුව ඇතිබවට සැක කරන බව යාල වනෝද්‍යානය භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේය.
යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශය හේන් ගොවිතැන් සිදුකරන ලද ප්‍රදේශයක්ද වන අතර පැටවුන් මිය යෑම කෙරෙහි මිනිස් ක්‍රියාකාරකරම් බලපා තිබෙන්නේද යන්න කෙරෙහි වනජීවී නිලධාරීන් පරීක්ෂණ පවත්වන බවයි මනෝජ් විද්‍යාරත්න මහතා කියා සිටියේ.
‘’අපි පැටවුන්ගේ අම්මට මොනවද වෙලා තියෙන්නේ කියලා හොයල බැලුවා අපි හිතුවේ මන්දකටවත් අහුවෙලාද කියල,නමුත් අපිට එහෙම කිසිදු ආකාරයක් සාක්ෂියක් හමුවෙලා නෑ. කොහොම නමුත් පැටවුන් මියගොස් ඇත්තේ මව අහිමි වීම නිසා කියල තමයි අපිට හිතෙන්නේ. කොටි දෙනට සිදුවුයේ කුමක් ද යන්න සම්බන්ධයෙන් අපි සොයා බැලීමක් කරනවා’’
කෙසේ නමුත් යාල මෙම කලාපයේ නිරන්තරයෙන් වන සතුන් දඩයම් කරනු ලබන ප්‍රදේශයක් වන අතර ඒ සදහා මදු තැබීම්ද නිරන්තරයෙන් වාර්තාවන ප්‍රදේශයක් වේ, එමෙන් වනජීවී නිලධාරීන්ගේ නිරන්තර පරික්ෂාවට ලක්වියයුතු ප්‍රදේශයක් බවද අවධාරණය කලයුතුය.
IUCN රතු ලැයිස්තුවට අනුව අන්තරායට ලක්වූ සත්වයින් අතරට ලංකාවේ මෙම කොටියා ද අයත් වේ. තර්ජනයට මුහුණපා ඇති ආරක්ෂිත සතකු ලෙස කොටි විශේෂය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නම් කොට ඇති බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති. ලංකාවේ වෙසෙන කොටියා දිවියන් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වා දුන්නත් Panthera pardus kotiya යන විද්‍යාත්මක නම තුළින් හෙලිවන්නේ ලංකාවේ සිටින්නේ දිවියන් නොව කොටින් බවයි.