කෑගල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව සම්පූර්ණයෙන් ඉවත්කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශකර සිටී.
ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (25දා) පෙරවරුවේ පැවති කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
“මේ සම්බන්ධයෙන් අවශ්‍ය අධිකරණ නියෝගයන් අපි නුදුරේදී ලබාගන්නවා. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කටුපොල් සම්පූර්ණයෙන්ම කිරීම සඳහා අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීමට අද පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී පූර්ණ එකඟතාවයකට පැමිණියා. ඒ අනුව මොනයම් ආකාරයකින්වත් කටුපොල් වගාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාප්ත කිරීමට ඉඩ දෙන්නේ නැහැ”