කැබිනට් වගකීම් කඩ කළ ඇමතිවරුන්ට ක්‍රියාමාර්ග ඕන
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රසිද්ධියට පත් කළ අමාත්‍යවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
අදාළ පත්‍රිකාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියට පත් කළ බවට චෝදනාවක් එල්ල වී තිබූ බවත්, එහෙත් අදාළ කරුණු ප්‍රසිද්ධියට පත් කළේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු බවත් එම පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයේ රහස් එළියට යැවීම ප්රශ්නකාරී තත්ත්වයක් බවත්, මේ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින අර්බුදය තව තවත් අර්බුදකාරී තත්ත්වයට පත්වන බවත් අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ නිසා කැබිනට් මණ්ඩලයේ රහස් එළියට දැමූ ඇමැතිවරුන්ට එරෙහිව අගමැතිවරයා ක්‍රියාමාර්ග ගත යුතු බවද පවසා ජයසේකර මහතා පවසා සිටියේය.
-
saman Tuesday, 24 September 2019 02:48 PM
රටේ තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු නොදී මේ උදවිය කොහෙද යන්නේ මල්ලේ පොල් කියමින් හතර වටේ පතුරු හරිමින් විනෝද වෙමින් කාලය ගත කරනවා. ජනාධිපතිවරණය ලං වෙනකම් නිකරුනේ කාලය නාස්ති කරමින් විනෝද වෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ
Reply : 0 0
Nandana Tuesday, 24 September 2019 09:16 PM
මහා ලේකම් කමට බුද්දිමත් අයෙකු යොදවන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

