කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙටට කල් යයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට (22දා) දිනය තෙක් කල් යනු ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය මණ්ඩලය සීමිත කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අනුව මන්ත්‍රීවරුන් අතර අමාත්‍යාංශ බෙදීමේදී ඇතිව තිබෙන සංකීර්ණත්වය අනුව මෙසේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට දිනය දක්වා කල්ගතවෙනු ඇති බව වාර්තා වෙයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා වුවත් මාර්තු මස දක්වා පත්කරන කැබිනට් මණ්ඩලය 15කට හෝ 16කට සීමා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
popular news
-
Champa Thursday, 21 November 2019 04:08 PM
උදයට කැපිල්ලක් දාලලු. එහෙම කොහොමද? ෂුවර් එකට අලි සබ්රි කියන්න ඇති පිවිතුරු හෙළ උරුමය නැති කරන්න කියල. ශ්‍රීලනිපයේ ජෙයෂ්ඨයෝ රට පාවාදුන් වහල් ආණ්ඩුවට කඩේ යත්දී, ගම්මන්පිල 2015 ඉඳන්ම වහල් ආණ්ඩුව ගෙදර යවන්න පෙරමුණ ගත්තු කෙනෙක්. හොඳ සිංහල බෞද්ධයෙක්. සිංහලයන්ට තිබ්බ එකම පිළිසරණ වෙන විධායක ජනාධිපතිධූරය ආරක්ෂා කරන්න සටන් කරපු හොඳ දේශප්‍රේමියෙක්. මේ තාවකාලික 15 කැබිනට් එකේ ඉන්න ඕනේ මුල් ඒකාබද්ධ විපක්ෂයේ හිටපු, මුදලට හෝ තනතුරු වලට පක්ෂ මාරු නොකරපු නියම සිංහලයෝ විතරයි. අනිත් මිනිස්සුන්ට පුළුවන් ඊළඟ චන්දෙන් පස්සේ ඇමති මණ්ඩලේට එන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

