කොරෝනා වෛරසය ආසාධිත කටුපොත කැකුණගොල්ල පදිංචි කාන්තාව ප්‍රතිකාර ගත් බව කියන කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන එම ප්‍රදේශයේ පදිංචි 125 දෙනෙකුට ආසන්න පිරිසකට හැකි ඉක්මනින් පැමිණ තම විස්තර පොලීසියට ලබා දෙන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොරෝනා වෛරසය ආසාධනය වූ බවට තහවුරු වී ඇති එම කාන්තාව මේවනවිට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය කොරෝනා ආසාධිතයෙකු බව අනාවරණය වීමට පෙර පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ . ඇය එදින පෙරවරු 8.00 සිට දහවල් 11.00 වන තෙක් එම බෙහෙත් ශාලාවේ රැඳී සිට ඇති බවද කියයි.
මේවනවිට එම බෙහෙත් ශාලාව වසාදමා එහි සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන බවද , කුලියාපිටිය පොලීසියේ 037 - 2247474 අංක දරන දුරකථනයට තම විස්තර ලබා දෙන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.
ගීතාංජලී ප්‍රියදර්ශනී