කාසල්රි ජලාශයට ජයන්ට් කාෆ්ට් වර්ගයේ මිරිදිය මත්ස්‍ය පැටවුන් විසිපන්දහසක් මුදා හැරිම අද (23) දින සිදු විය.
නුවරඑළිය ජාතික ජලජ ජිවි වගා සංවර්ධන කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ජයන්ට් කාෆ්ට් වර්ගයේ මත්ස්‍ය පැටවුන් මෙසේ ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට දමා මුදා හැරීය.
එම මත්ස්‍ය පැටවුන් එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩුවක් මත මුදා හැර එම මත්ස්‍ය පැටවුන් දින 45ක කාලයක් ජලාශයට හුරු කර එම මත්ස්‍ය පැටවුන් මත්ස්‍ය ඇගිල්ලක් ලෙස වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශයට මුදා හැරිමට නියමිතය .
ආරක්ෂිත දැල් කුඩු වලට මුදා හැරි මිරිදිය මත්ස්‍ය පැටවුන් ජලාශයේ සිටින අනෙකුත් මත්ස්‍යයන්ගේ ගොදුරු බවට පත් නොකර හා එම මත්ස්‍ය පැටවුන් එම ජලාශයට හුරු කිරිමේ පසු ජයන්ට් කාෆ්ට් මත්ස්‍ය පැටවුන් ජලාශයට මුදා හරින බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජලජ ජිවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා කියා සිටියේ.
මෙම මත්ස්‍ය පැටවුන් මාස 8ක කාලයක් තුළ කිලෝ 1 ½ ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බවත්, වසරක් වැනි කාලයක් තුල ජලාශයට මුදා හැරි මත්ස්‍ය පැටවුන් මෙන් දස ගුණයකින් මෙම ජයන්ට් කාෆ්ට් මත්ස්‍යයින් බෝ වන බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටින්නේ.
වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමිමටත්,ඔවුන්ට අඩු මිලකට මිරිදිය මසුන් ලබා දිමටත් කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහළ දැමිමේ අරමුණින් , කාසල්රි ජලාශයට මේ වනවිට මත්ස්‍ය පැටවුන් විශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජලජ ජිවි ව්‍යාප්ති නිලධාරි චන්දන ජගත් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියේ.
