ඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.
එම නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය විශේෂයෙන්ම අද රාත්‍රී සිට තවදුරටත් වර්ධනය වනු ඇත. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු , නැගෙනහිර , උතුරු මැද සහ ඌව පළාත්වලත් මහ්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව 1 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, නැගෙනහිර , ඌව සහ උතුරු මැද පළාත්වල ( මඩකලපුව, අම්පාර , යාපනය, පොළොන්නරුව , බදුල්ල දිසිත්රික්කවල) ඇතැම් ස්ථාවලට මි.මි 100 – 150 පමණ තද වර්ෂාපතනයක්ද, සබරගමුව , බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මි75 – 100 පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නා ගෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
