දිවයිනේ උතුරු හා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී. 60-70 පමණ) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව අතර පුත්තලම සිට මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
