කාන්තාවක් ඝාතනය කර ඝාතකයාත් දිවි නසා ගනියි
- 5 11 2026
- 09:29
- {{hitsCtrl.values.hits}} views
- ..
පුස්සැල්ලාව පොලිස් වසමේ ගම්පොල, දොරගල ප්රදේශයේ නිවසක් තුලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර එම සැකකරුද සියදිවි හානි කරගෙන ඇති බවට ඊයේ (04දා) පුස්සැල්ලාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය අවුරුදු 38 ක් වූ දොරගල ප්රදේශයේ පදිංචිකාරියක් වන අතර, සියදිවි නසාගත් සැකකරු අවුරුදු 38 ක් වූ කුරුණෑගල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකාරිය තම පළමු විවාහය අතහැර සිටි කාන්තාවක් වන අතර සැකකාර පුරුෂයා සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගෙන ගොස් ඇති බවත් එහිදී සැකකාර පුරුෂයා සහ මරණකාරිය අතර මරණකාරියගේ නිවසේදි ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර ඊයේ රාත්රී මීගොඩ පොලිස් වසමේ ඕවිටිගම ප්රදේශයේ මාර්ගයකදී පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට මීගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 50 ක් වූ ඕවිටිගම, මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු තවත් පුද්ගලයින් දෙදෙනකු සමග පැරණි ආරවුලක් මත මාර්ගයකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙලෙස තියුණි ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

