ක්ෂුද්‍ර මූල්‍ය ආයතන දසදහසක්
ජනතාවට ණයලබා දෙනක්ෂුද්ර මූල්‍ය ආයතන දසදහසකට අධික ප්‍රමාණයක් තිබෙන බවට හෙළිවී තිබෙන බවත්, එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය පනතට අනුව මහ බැංකුව යටතේ ලියාපදිංචි කළ හැකි ආයතන ප්‍රමාණය හතරක් බවත් ආර්ථික සභාව සඳහන් කරයි.
මීට අමතරව රාජ්‍යනොවන ආයතන ණය ලබාදීම සිදුකරන බවත්,එම ආයතන අතරින් ලියාපදිංචිය ලබාගැනීමට ආයතන 46ක් අයදුම්පත් යොමුකර තිබෙන බවත් එම සභාවේ නියෝජ්‍ය මහලේකම්,මහාචාර්යදිසා බණ්ඩාර මහතා සඳහන් කළේය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් අයකරන පොලිය පොදුවේ සැලකීමේදී 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් ගන්නා බවත්,එහෙත් ඇතැම්ආයතන දිනකට1% පොලිය අය කරන බවත්,ඒ අනුව වාර්ෂික පොලිය 365%ක් වන තත්ත්වයට පත්වනබවත් හෙතෙම සඳහන් කළේය.
විශාල පොලියක් ගෙවීමට සිදුවන බැවින් ණය ලබා ගන්නා ජනතාවට එතරම් ආදායමක් ලැබෙනවාද යන්න ප්‍රශ්නයක් බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (27දා)පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ නියෝජ්‍ය මහලේකම්වරයා,මේ හේතුවෙන් මූල්‍ය නියාමනයක් කිරීමටඅත්යවශ්ය වන බවයි.
ක්ෂුද්‍ර මූල්‍ය පනත 2016 වසරේදී ඇතිකළ බවත්,මේඅනුව මහ බැංකුවේ ලියාපදිංචි කිරීම සඳහාඅයදුම්පත් කැඳවූපසු අයදුම්පත් 16ක් ලැබී තිබූ බවත් පැවසූ ඒ මහතා, පනත ප්රකාරවලියාපදිංචි කළ හැකි අයදුම්පත් ප්‍රමණය 04ක් බවද ප්‍රකාශ කළේය.
ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් රුපියල් බිලියන තිහකට අධික මුදලක් ණයට ලබාදී තිබෙන බවත්,ලියාපදිංචි සමාගම් ඇතුළු සමස්ත ආයතන රුපියල් බිලියන එකසිය හැටකට අධික මුදලක් ලබාදී තිබෙන බවට තහවුරු වන බවත් ඔහු පවසා සිටියේය.
පවතින තත්ත්වය අනුව අඩු ආදායම්ලාභීන්ගේ අරමුණ කරා යාහැකි ක්ෂුද්රමූල්ය ක්‍රමයක් තියෙනවාද යන්න ගැටලුවක් ඇතිවී තිබෙන බවද නියෝජ්‍ය මහලේකම්වරයා පැවසීය.

popular news
-
රත්නසිරි Thursday, 28 February 2019 10:55 AM
ඇත්තෙන්ම මෙය දැනට රටේ තිබෙන බරපතල ප්‍රශ්නයක් - මේ තත්වය මේ විදියටම ඉදිරියට ගියොත් විවිධ සමාජ ගැටලුවක් විය හැකියි. රටේ අද තිබෙන අරාජීක බව නිසා ඕනැම කෙනෙකුට ඕනැම නිති-විරෝධි දෙයක් කරන්න පුලුවන්!
Reply : 0 1
Champa Thursday, 28 February 2019 05:41 PM
චැක්. ඕකත් ප්‍රශ්නයක්ද? Simple වැඩක්නේ කරන්න තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
