කළුබෝවිටියාන රක්ෂිතයේ ගින්නක් - සතුන් ඇතුළු විශාල පිරිසක් විනාශයි
නෙළුව කළුබෝවිටියාන සංරක්ෂිත වනාන්තරයට අයත් ඕකඳුනහේන කොටසේ හටගත් ගින්නකින් අක්කර පහක (05) ප්රමාණයක් විනාශ වි ඇති බව නෙළුව අවවි වන කාර්යාලය පවසයි.
ගාල්ල සහ මාතර දිස්ත්රික්ක දෙකට මායිම්ව පිහිටි පහතරට තෙත් කලාපයට අයත් ඉහළ ජෛව විවිධත්වයකින් යුත් සංරක්ෂිත වනාන්තරයක් ලෙස කළුබෝවිටියාන රක්ෂිතය නම් කර ඇත.
අද (03) සවස හට ගත් මෙම ගින්නෙන් ඕකදුහේන කොටසේ පතන බිමි ප්රදේශය ගින්නෙන් හානි සිදු වු බව නෙළුව අවවි වන නිලධාරී බී.ඒ.කේ.සී. බමුණුසිංහ මහතා පැවසීය.
මෙම ගින්නෙන් සංරක්ෂිත කලාපයට ඇතුල්විමට පෙර ගින්න මැඩ පැවැත්විමට නෙළුව, හිනිදුම, මොරවක පොලිස් ස්ථානවලින් අතිරේක පොලිස් කණ්ඩායම සහ නෙළුව ප්රාදේශිය ලේකම් කාර්යාලය, නෙළුව ප්රාදේශිය සභා අඩවි වන කාර්යාලනේ නිලධාරීන් සමාග ශ්රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් මගින් මහත් වෙහෙසක් දරා ගින්න මැඩපැවැත්විමට පියවර ගත්හ .
සංරක්ෂිත වන කලාපය තුළ ජීවත්ව සිටි සතුන් විශාල ප්රමාණයක් විනාශ වි ඇති බව අඩවි වන නිලධාරී බී.ඒ.කේ.සී. බමුණුසිංහ මහතා සඳහන් කරයි. මෙම ගින්න මැඩපැවැත්විමට නෙළුව, ඉහළ ලේල්වල, කළුබෝවිටියාන ප්රදේශවාසින් ඇතුළු තරුණ කණ්ඩායම් වලින් ලැබුණු සහයෝගය අගය කරන බවද අඩවි වන නිලධාරීවරයා සඳහන් කරයි.

popular news
-
Champa Thursday, 04 April 2019 08:21 PM
කොහොමද නිකම් ගින්නක් ඇති වුනේ? කවුරු හරි ගිනි තියන්න ඇති. අයියෝ අක්කර 5ක් ගිනි ගත්ත? සත්තුත් එක්ක?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

