කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු දොඩම්ගොඩ දී අත්අඩංගුවට
මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු දොඩංගොඩ අක්කර 8 වත්ත ප්රදේශයේදී දැඩි පරිශ්රමයක් දරා ඊයේ ( 5 ) අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.
ඉකුත් මස තුන්වැනි දින මෙම රැඳවියා තවත් රැඳවියන් දෙදෙනෙකු සමඟ පලා ගොස් තිබිණි.
කාන්තාවකගේ රුපියල් එක් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑම සහ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා මත ජූලි මස 30 වැනි දින සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.
එයින් දින හතරකට පමණ පසු මෙම රැඳවියා පලාගොස් තිබිණි.
සැකකාර පුද්ගලයා නිවසට පැමිණ සැඟවී සිටින බවට බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමක් සමග සැකකරු නිවසේ පිටුපස දොරින් පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

