මොරගහකන්ද කළුගඟ ජලාශයට ජලය පිරවීම මේ මස (23දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
ජලය පිරවීමට පෙර ඕනෑම කෙනෙකුට අදාළ භූමිය නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙන බවද මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 10112ක් වැයවී ඇති බවත් අද (19දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
මොරගහකන්ද ජලාශයේ ඡායාරූපයක්
